අල්ලාහ් දෙවියන්ට වඩා වෙනස්ද?

නෝවා, ආබ්‍රහම්, මෝසෙස් සහ ජේසුස් යන නබිවරුන් අදහන එකම දෙවියන්ට මුස්ලිම්වරු අදහති. "අල්ලාහ්" යන වචනය හුදෙක් සර්වබලධාරී දෙවියන් සඳහා වන අරාබි වචනයයි - එකම දෙවියන්ව හඟවන පොහොසත් අර්ථයක් ඇති අරාබි වචනයකි. අල්ලාහ් යනු අරාබි භාෂාව කතා කරන කිතුනුවන් සහ යුදෙව්වන් දෙවියන් වහන්සේ හැඳින්වීමට භාවිතා කරන එකම වචනයයි.

කෙසේ වෙතත්, මුස්ලිම්වරුන්, යුදෙව්වන් සහ කිතුනුවන් එකම දෙවියන් (මැවුම්කරු) විශ්වාස කළද, ඔහු සම්බන්ධයෙන් ඔවුන්ගේ සංකල්ප සැලකිය යුතු ලෙස වෙනස් වේ. නිදසුනක් වශයෙන්, මුස්ලිම්වරු දෙවියන් වහන්සේට හවුල්කරුවෙකු හෝ 'ත්‍රිත්වයක' කොටසක් වීම පිළිබඳ අදහස ප්‍රතික්ෂේප කරන අතර, සර්වබලධාරී දෙවියන්ට පමණක් පරිපූර්ණත්වය ආරෝපණය කරති.

මූලාශ්රය: islamicpamphlets.com
පරිවර්තනය කළා: Shazna Habib

සමාන ප්‍රශ්න