මුස්ලිම් විය හැක්කේ කාටද?

ඕනෑම මනුෂ්‍යයෙකුට ඔවුන්ගේ පෙර ආගම, වයස, ජාතිකත්වය හෝ වාර්ගික පසුබිම කුමක් වුවත් මුස්ලිම් විය හැකිය. මුස්ලිම්වරයෙකු වීමට නම්, ඔබ සරලව පහත වචන කියන්න: "අෂ් හදු අල්ලා ඉලාහ ඉල්ලල්ලාහ්, ව අෂ් හදු අන්නා මොහොමඩන් රසූල් අල්ලාහ්". මෙම ඇදහිල්ලේ සාක්ෂියේ තේරුම: "අල්ලාහ් හැර නමස්කාර කිරීමට සුදුස්සෙකු නොමැති බවත් මොහොමඩ් ඔහුගේ දූතයා බවත් මම සාක්ෂි දෙමි". ඔබ එය පැවසිය යුතු අතර එය විශ්වාස කළ යුතුය.

මේ වාක්‍යය කිව්වම ඉබේම ඔබ මුස්ලිම් වෙනවා. ඔබේ ස්වාමින් වහන්සේ වෙත හැරී ඔබේ නව ජීවිතය ආරම්භ කිරීමට ඔබට රාත්‍රියේදී හෝ දිවා කාලයේදී වේලාවක් හෝ පැයක් ගැන විමසීමට අවශ්‍ය නැත. ඕනෑම වේලාවක ඒ සඳහා කාලයයි.

ඔබට කිසිවෙකුගේ අවසරයක් හෝ ඔබව බව්තීස්ම කිරීමට පූජකයෙකු හෝ ඔබ වෙනුවෙන් මැදිහත් වීමට මැදිහත්කරුවෙකු හෝ ඔහු වෙත ඔබව යොමු කිරීමට කිසිවෙකු අවශ්‍ය නොවේ, මක්නිසාද ඔහු මහිමයට පත් වේවා, ඔබට මඟ පෙන්වයි. එබැවින් ඔහු වෙතට හැරෙන්න, මන්ද ඔහු ළඟය. ඔබ සිතනවාට වඩා හෝ සිතාගත නොහැකි තරමට ඔහු ඔබට සමීප ය:

තවද මාගේ ගැත්තන් මා ගැන නුඹෙන් විමසූ විට සැබැවින්ම මම සමීපතය. යදින්නා මගෙන් කන්නලව්ව කළහොත්, ඔහුගේ කන්නලව්වට මම පිළිතුරු දෙමි. එබැවින් ඔවුන් මගේ ඇරයුමට පිළිතුරු දෙත්වා, තවද මා විශ්වාස කරත්වා. එමගින් ඔවුන් යහමඟ ලබන්නට හැකි වනු ඇත.

කුරාන් - 2:186
(තේරුම අර්ථ නිරූපණය කිරීම)

අල්ලාහ් උත්තරීතර වේවා, මෙසේ පවසයි.

අල්ලාහ් කවරෙකුව මඟ පෙන් වීමට සිතන්නේ ද ඔහුගේ හදවත ඉස්ලාමය වෙතට විවෘත කරනු ඇත. තවද කවරෙකුව නොමඟ හැර දමන්නට ඔහු සිතන්නේද ඔහුගේ හදවත අහසට නගිනවාක් මෙන් දුෂ්කර ඉතා පටු (පීඩනයෙන් යුත් හදවතක්) බවට පත් කරයි. විශ්වාස නොකරන්නන්හට අල්ලාහ් දඬුවම් කරනුයේ මෙලෙසය.

කුරාන් - 6:125
(තේරුම අර්ථ නිරූපණය කිරීම)

මූලාශ්රය: islamqa.info · islamqa.info
පරිවර්තනය කළා: Asma Haniffa

සමාන ප්‍රශ්න